(අනීෂා මානගේ)
අභාවප්‍රාප්ත වූ චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහය තැන්පත් කර තිබූ තංගල්ල ජයසිරි මල්ශාලාව වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පැමිණ දේහයට ගෞරව දැක්වීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙකු වන චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතා අද (21) දහවල් තංගල්ල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්විය.
ටියුඩර් රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වන විට 70 වියෙහි පසුවූ අතර මාස කිහිපයක සිට රෝගාතුරව සිට ඇත. චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහය තංගල්ල ජයසිරි මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මල්ශාලාව වෙත පැමිණ චන්ද්‍රා රාජපක්ෂ මහතාට ගෞරව දැක්වූහ.