සෙනරත් බණ්ඩාර
පොත්තපිටිය කිරිමැටියවත්ත රක්ෂිතයේ දිය උල්පත් ඇති මැණික්පිහිල්ල ප්‍රදේශයට යටිනුවර ප්‍රාදේශීය සභාවෙන් කුණු කසල දැමීම හේතුවෙන් හතරලියද්ද හා ගලගෙදර ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනවාට බීමට ඇති ජලය අපවිත්‍ර වී ඇතැයි එම ගම්මානවල වැසියෝ පවසති.
කුණු කන්ද ආශ්‍රිත පිරිස් පවසනුයේ මැසි සහ මදුර උවදුර හේතුවෙන් තම කුඩා දරුවන් රෝගී වෙන බවයි. මැස්සන් ගහන වැඩි වීම නිසා උයා ගත් ආහාර පවා කෑමට නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවයි. මීට වසර දහයකට පෙර තමන් නිදහසේ ජීවත් වූ බවත් තම පරිසර මේ වන විට ජාරා ජීර්න වී ඇතැයි ද ඔවුන් පවසති.