(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා තනිපොල්ගහ මෙහිදින්වත්ත හා නුගදුව වර්ණ සංඥා පද්ධතිය අසලදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයාගේ නිවස කොල්ලකෑම සදහා කොල්ලකරුවන් සිව් දෙනා නිවසට ඇතුල්වි ඇති අතර නිදා සිටි ව්‍යාපාරිකයා අවදීමෙන් කලබලයට පත්වූ පිරිස ව්‍යාපාරිකයාගේ අත් පා බැද මුඛයට පාන්කඩ ඔබා නියනකින් ඇන ඝාතනය කර තිබිණි.
පොලිසිය මගින් දුරකථන සිම්කාඩි උපයෝගි කරගෙන එම අවස්ථාවේ ලැබුණු දුරකථන ඇමතුම් පිළිබද පුළුල් විමර්ශනයක් කිරිමෙන් පසු සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ ඝාතනය කර තිබුණේ ගාල්ල තලාපිටිය නො 46 සකියුලර් ප්‍ර දේශයේ පදිංචි මොහොමඩ් ලෙබ්බේ මරික්කාර නොහාක් ගපිර් හාජ්ජයාර් (69) නැමති ව්‍යාපාරිකයෙකි.

