(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල ප‍්‍රාදේශිය බල සීමාමේ ඇති අම්බලාව අක්කර 100 ග‍්‍රාමයේ පවුල් 134 ක් මධ්‍යම පළාතට ලියාපදිංචි කර ගැනිමේ කුමන්ත‍්‍රණයක් මෙ වන විට ක‍්‍රියාත්මක වි ඇති බව එම කොට්ඨාසශය නියෝජනය කරන මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී මංජුල අධිකාරි මහතා අද (22) පැවසීය.
එහිදි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
‘මේක කරන්නේ කාගේ හරි දේශපාලන වාසි තාකා කරන දෙයක්. ජනතාව මේ වැඩෙට කැමැත්තක් නැහැ. නමුත් ඒ අය රවට්ටලා අත්සන් අරන් මෙක කරන්න යනවා . මේ සම්බන්ධයෙන් අපි ජනතාවගේ අත්සන් අරන් තව දුරයත් මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන්ම මෙ කොටසේ පාලනය ගෙන යන්න කියලා ජනාධිපතිතුමාට හා මැතිවරණ කොමසාරිස් වරයාට අපි ලියුමක් අත්සන් කරලා ඔවුන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.
ඉදිරියේදි මෙ ප‍්‍රශ්නයට නියම විසදුම් ලැබුණේ නැත්නම් ජනතාව මොන මොන විදිහේ තීරණ වලට එළබෙයිද කියලා කියන්න බැහැ. ඒ නිසා මෙක ගැටලූවක් කරගන්නේ නැතිව වෙනත් පටු අරමුණු වලින් මෙ කටයුත්ත සිදු කරන්න එපා කියලා මෙ ගැන සහයෝගය දක්වන අයට අපි කියන්න කැමැතියි.
අප මේ සම්බන්ධයෙන් මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් ප‍්‍රියංගනි පෙතන්ගොඩ මහත්මියගෙන් විමසීමක් කළ විට ඇය පැවසුයේ මෙවැන්නකි.
‘මේ වෙන කොට කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස්තුමා අපිට ලියුමකින් දන්වලා තිබෙනවා මධ්‍යම පළාතෙන් කරපු මැනුමක් අනුව අම්බලාව අක්කර 100 ජනපදයේ පවුල් 134 ක් පමණ මහනුවර ප‍්‍රදේශයට අයිති වෙනවා කියලා තියෙනවා කියලා. ඒ නිසා ඒ පවුල් වල විස්තර එවන්න කියලා දන්වලා තිබෙනවා.
නමුත් මෙ සඳහා ජනතා විරෝධයක් තියෙනවා. ඒ වාගේම අපිට කියලා මෙ මැනිම් කටයුතු සිදු කරලත් නැහැ. ඒ නිසා මෙ සම්බන්ධයෙන් අපි එතුමා ලිපියක් හරහා දිර්ඝ ලෙස දැනුවත් කිරිමක් සිදු කරන්නයි ඉන්නේ. නමුත් තාම ස්ථීර වශයෙන් ගන්නවා කියලා සඳහනක් නැති බවද සඳහන් කළේය.