මාර්ග බාධක වල සිටින පොලිස් නිලධාරීන්ට දිවා ආහාරය


( ජයමාල් චන්ද්‍රසිරි)

මහරගම පන්සල පාර ශ්‍රී  සුදර්මාරාම විහාරාධිපති මහරගම අනෝම හිමියන්ගේ හා දයක මහත්ම මහත්මින්ගේ අනුග්‍රහයෙන් කොරෝනා වයිරසයේ ව්‍යාප්තවීමෙන්  අසරණ වු පිරිස් හට වියළි සලාක ලබා දීම සිදු කෙරිණි.
 
එමෙන්ම  මහරගම පොලිස් ස්ථානයේ සියලුම පොලිස් නිලධාරින්ට දිවා ආහාර ලාබා දීම ද  සිදු කෙරිණි.
 
මහරගම මාර්ග බාධක වල රාජකාරි වල යෙදිසිටි පොලිස් නිලධාරින්  සඳහා ආහාර ලබා දීමද සිදු කෙරිණි.
 
එහිදී මහරගම අනෝම හිමියෝ වියළි ආහාර පාර්සල් ලබා දුන් අයුරු හා පොලිස් නිලධාරීන්ට ආහාර පිරිනැමු අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.