සිරිනිහාල් ගමගේ
වැලිසර කදවුරේ සිට ඉකුත්දා නිවාඩු ලබා පැමිණි මාමඩවිල ප්‍රදේශයේ සෙබලෙකු ගිනිමැල්ලගහ බටහිර ප්‍රදේශයේ තම නෑදෑයන් හිත්වතුන් වෙසෙන හතක නිවැසියන් සමගින් ලගින් ඇසුරු කිරිම තහවුරු කර ගෙන එම නිවෙස් වල වැසියන් නිරෝධනයට ලක් කිරිම අද(29) සිදු කරන බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී.නවරත්න මහතා පැවසීය .
මීට අමතරව මාමඩවිල ප්‍රදේශයේ එම සෙබලා ලගින් ඇසුරු කල පුද්ගලයින් පදිංචි නිවාස හයක් ද නිරෝධනයට ලක් කිරිම ට නියමිතව ඇත .
මෙසේ නිරෝධනයට ලක් කරන පුද්ගලයින් පි සි ආර් පරික්ෂණ සදහා ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පැවසීය .