(එම් .සුසිල් ප්‍රියන්ත)
මේවන විටත් පැතිර යමින් පවතින හදිසි ගින්නකින් අම්බලන්ගොඩ මාදම්පාවිල අභයභූමියේ අක්කර 15 වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ගොස් ඇතැයි පරිසරවේදීහු කියති.
තෙවැනි වරටත් මේ අභයභූමියේ ගින්න අද (28 ) රත්‍රී 7ට පමණ හට ගත් අතර එසේ හටගත් ගින්න නිවීමට කිසිදු බලධාරියකු පැමිණ නොමැත.
ගින්නෙන් එහි වෙසෙන සතා සිව්පාවා සහා වටිනා ඒක දේශික ශාක දැවී අළු වී ගොස් තිබේ.
අම්බලන්ගොඩ පොලීසිය මැදිහත්වී එය නිවා දැමීමට කටයුතු කළ ද නිවා දැමුණු ගින්න යලිත් අභයභූමියේ අද (28 ) රාත්රියේදී හටගත්තේය.