(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ ශ්‍රි ලංගම ඩිපෝවේ ඩිපෝ ඉංජිනේරුවරයාවෙත ලබා දී ඇති ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ලා එහි සේවකයින් අද (24) සේවයෙන් ඉවත් වීඩිපොව ඉදිරිපිට විරෝධතාවක නිරතවුහ.
ඉංජිනේරුවරයාගේ ස්ථානමාරුව අවලංගු කර නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සේවකයින් විරෝධතාවයේ නිරතවන අතර උදේ වරුවේ ධාවනයේ යෙදුණු බස් රථ නැවත විටින් විට ඩිපෝව තුළට පැමිණිමෙන් අනතුරුව යළි එම බස් රථ නැවත ධාවනය නොකෙරුණු අතර මගීන් රැසක් දැඩි අපහසුතාවට ලක් විය
මහනුවර දළදා මාලිගාවේ පෙරහර සදහා සහභාගිවිමට නියමිත සිටි මගීන්ද මෙම විරෝධතාව හේතුවෙන් අපහසුතාවට ලක්වුහ.
මේ පිළිබද මාතලේ ඩිපෝ කළමණාකරු හෙන්නායක මහතාගෙන් විමසීමේදී ඔහු සදහන් කළේ ඉහළින් පැමිණි නියෝගයක් අනුව එම ස්ථානමාරුව සිදුව ඇති බවත් එම ස්ථානමාරුව තාවකාලිකව නතර කිරිම පිළිබද ඉහළ කළමණාකාරිත්වයත් සමඟ සාකච්ඡා කරමින් සිදටින බව පැවසීය.