මාතලේ නගර සභා සේවකයෝ වැඩ වරති


(මහේෂ් කිර්තිරත්න)
 
මාතලේ නගර සභා සේවකයන්ට පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින්  අද(04) නගර සභා සේවකයෝ වැඩවර්ජනයක නිරත වූහ.
 
මේ හේතුවෙන් නගරයේ කුණු කසල ඉවත් කිරීම් සිදු නොවූ අතර ඩෙංගු මර්දන කටයුතු ද මේ වන විට නතර වී ඇති බව නගර සභා සේවකයෝ පවසති.
 
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නීතිය හමුවට පමුණුවන තෙක් අඛණ්ඩව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ද ඔවුහු කියති.
 
තුවාල ලැබූ නගර සභා සේවකයින්මේ වන විට මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව නගරාධිපති රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.