(එස්. ඩි.කොඩිකාර )
මෙවර කන්නය සදහා අත්හැර දැමූ කුඹුරුත් සමග සෑම කුඹුරු ඉඩමක්ම වාගේ අස්වැද්දීමට ගොවීන් කටයුතු කිරීම නිසා මාතර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවල බිත්තර වී හිගයක් ඇතිවී තිබෙන බව ගොවීහු පවසති.
පසුගිය සතිය වන විට බොහෝ ගොවිජන සේවා මධ්‍යස්ථානවල බිත්තර වී අලෙවි වී තිබූ අතර සමහර පිරිස් මෙම මධ්‍යස්ථානවලින් බිත්තර වී මිළදී ගෙන වැඩි මුදලක් තබාගෙන අලෙවි කරන බවත් ගොවීන් පවසයි.
පෞද්ගලික ආයතනවල බිත්තර වී අවශ්‍ය තරම් තිබුණත් ගොවීන් පවසන්නේ රජයේ බිත්තර වී මෙන් ඒවා කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බවයි.