(රංජිත් කරුණාවිර)
ඇඳීරි නීතිය අද (09) ලිහිල් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගික ජනතාවට කූට කිරුම් මිණුම් උපකරණ භාවිතා කර වංචා සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට අභ්‍යන්තර වෙළෙද ආහාර සුරක්ෂිත හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් මහියංගන නගරයේ සිල්ලර වෙළඳුන් අද පරීක්ෂා කරනු ලැබීය.
එහිදී වංචා සිදු කරන වෙළෙදුන් කිසිවෙකු හමු නොවූ බවත් භාවිතයට තහනම් ප්‍රමිතියෙන් තොර තරාදි උපකරණ භාවිතා කරන වෙළෙදුන් කිහිපදෙනෙකු හමු වු බවත් ඔවුන්ට අවවාද කර ඉදිරියේ රජයේ ලියාපදිංචි ප්‍රමිතියෙන් යුතු කිරුම් හා මිණුම් උපකරණ මිලදී ගන්නා ලෙස අවවාද කළ බවත් මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේය.
මෙම පරීක්ෂාව සඳහා මිනුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්ය භාර නිලධාරී දුලිත් අශෝක මහතා හා බදුල්ල කාර්ය භාර නිලධාරී අමල් පෙරේරා යන මත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සොයාබැලීම සඳහා පැමිණ සිටියහ.