මහියංගණ මුලික රෝහලේ සුළු සේවක වර්ජනයක්


(ඩී .කේ.රත්න )

බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් මහියංගන මූලික රෝහලේ සුළු සේවකයින් විසින් අතිකාල දීමනා ඇතුලූ තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින්  අද (28) එක් දින සංකේත වැඩ වර්ජයනයක් ආරම්භ කර තිබේ.

මහියංගණ මූලික රෝහලේ සේවයේ නියුතු සුලූ සේවකයින් එකසිය විසිඅට දෙනෙකු මෙම වැඩ වර්ජනයට එක්වී ඇත.

මෙම සේවකයින්ට මාසයකට ලබාදී තිබූ අතිකාල පැය ගණන අසූවක්ව පැවති අතර පළාත් සෞඛ්‍ය බලධාරීන් විසින් එම පැය ගණන හැට දක්වා අඩු කිරීමත් පුරප්පාඩුව පවතින සේවක පිරිස වහාම බඳවා ගන්නා ලෙසත් ඇතුලූ ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.