ක.ගකරුණාරත්න
අරලගංවිල 05 කණුව ප්‍රදේශයේ දී අද (30) අලුයම මහවැලි ඉසෙඩ් ඩී ඇලට කැබ් රථයක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් එක් අයකු මිය ගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි.
මේ අනතුර සිදුවූ වේලාව නිශ්චිත වශයෙන් අනාවරණය වී නැති අතර ඒ බව පොලිසියට වාර්තා වී ඇත්තේ අලුයම 5.30 ට පමණය.
මහවැලි ඇලට පෙරළී ගිය කැබ් රථයේ තවත් අය ගමන් කරමින් සිටියදී යන්න සොයා බලන බව පොලීසිය පවසයි.
අනතුරට ලක්වූ කැබ්රථය අම්පාර ප්‍රදේශයේ එකක් බව හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.