(ජයමාල් චන්ද්‍රසිරි)
මහරගම , ඇරැව්වල සහ පිළියන්දල හා ඒ අවට ප්‍රදේශයන්ට මත්කුඩු අලෙවි කරන ලද ජාවාරම්කරුවෙකු සහ තවත් දෙදෙනෙකු පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.
පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය විසින් උපාය දූතයෙකු යොදවා මහරගම ඇරැව්වල පිහිටි වෙළඳ සැලක් අසලදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 2 ක් සොයාගත් බව පොලිසිය කීය.
සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී තවත් මත්කුඩු ජාවාරම්කරුවෙක් පිලියන්දල ප්‍රදේශයේ පිහිටි නිවසකදී මත්කුඩු ග්‍රෑම් 5 ක් සමඟ අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
මෙම සැකකරුගේ බිරිඳ සන්තකයේ මත් කුඩු ග්‍රෑම් 5 ක් ක්ද තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.
මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගංගොඩවිල උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කෙරිණි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 42 ත් 60 ත් අතර පසුවන්නන් බව පොලිසිය කීය.
මහරගම අවට මත්කුඩු අලෙවි කළ අයෙකු අත්අඩංගුවට
Recommended Articles