(මොහොමඩ් ආසික්)
කොවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා ඇති ඇඳිරි නිතිය හේතුවෙන් නිවෙස්වලට වී සිටින ජනතාවගේ එදිනෙදා ජීවිත තත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම අවශ්‍ය ගෑස් සැපයීම සඳහා ජංගම රථ 3170 කට මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ උපදෙස් මත අවසර ලබා දීමට කටයුතු කර තිබේ.
අත්‍යාවශ්‍ය ආහාර බෙදා හැරීම සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශය පරිදි දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මෙම තීරණය ගනු ලැබ තිබේ.
මෙයට අමතරව එළවළු පළතුරු බිත්තර පොල් බේකරි නිෂ්පාදන ඇතුළු අනෙකුත් පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීම සඳහා දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරි වසම් 1187 ආවරණය වන පරිදි අවසර දී ඇති මුළු ජංගම රථ සංඛ්‍යාව 3170 කි.
මේ අතර ගෘහස්ථ ගෑස් බෙදාහැරිම සඳහා අවසර ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව 28 ක් වෙයි.
ජනාධිපතිතුමන්ගේ උපදෙස් අනුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 20 ම ආවරණය වන අයුරින් මෙම සේවාව ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් වේ නම් කමිටුවේ ප්‍රධානී සහ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා රම්‍ය විජේසුන්දර මහත්මිය (071-8072459) ඇමතිය හැකි බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.
මහනුවරට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින්න රථ 3170 කට අවසර
Recommended Articles