(පී.එම් රාජපක්ෂ)
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින නියං තත්වයෙන් ජනතාව වෙත ඇති විය හැකි පීඩාව අවම කිරීම සදහා ජල බවුසර් යොදා ගනිමින් පානිය ජලය බෙදා හැරීමටද මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය කටයුතු යොදා තිබේ.
ඒ අනුව ගඟ ඉහළකෝරලේ, අකුරණ, දෙල්තොට, පූජාපිටිය, තුම්පනේ, මැද දුම්බර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට බවුසර් මගින් ජලය බෙදා හරිනු ලබන බව ආපදා කළමනාකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පානීය ජලය සම්බන්ධයෙන් යම් ගැටලුවක් වෙතොත් ඒ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත කොට ඇති කඩිනම් දුක්ගැනවිලි සහන සම්බන්ධීකරණ කමිටුවට හෝ ආපදා කළමනාකර හා ආපදා සහන කටයුතු කමිටුව මගින් අවශ්‍ය සහාය ලබා ගත හැකි බවත් ආපදා කළමනාකරණ අංශය සඳහන් කරයි.
මහනුවර පීඩාවට පත් ජනයාට බවුසර් මගින් පානීය ජලය
Recommended Articles