මහජන සෞඛ්‍ය පරීක්ෂකට තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල)

මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක්වු මාළු තොගයක්  විනාශ කිරිම සම්බන්ධයෙන් බද්දේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට බැන කර්ජනය කරනලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බටපොල කහටපිටිය ප්‍රදේශයේ පදිංචි 28හැවිරිදි සැකකරුවෙකි.

මෙම සැකකරුගේ පියා ඇඳිරි නීතිය ඉවත් කළ ඊයේ දිනයේ බද්දේගම නගරයේ සමුපකාර වෙළඳසල අසල උදෑසන සිට මාලු වෙළඳාම් කර ඇති අතර සවස පැමිණි එම කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එම මාලු පරික්ෂාකර බලා මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක්ව තිබු මාලු කිලෝ 17ක ප්‍රමාණයක් විනාශ කිරිමට උපදෙස් දි ඇත.

එම මාලු කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන භුමියේ වල දැමිමටත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා උපදෙස්දි ඇත.

ඒ අනුව මාලු තොගය විනාශ කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් උරණවු මාලු වෙළෙන්දාගේ පුතා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ කාර්යාලයට පැමිණ කලහකාරි ලෙස හැසිරෙමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට තර්ජනය කර තිබේ.

පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද(01) බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.