(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහකුඹුක්කඩවල නාකැලේ රක්ෂිතයේ අද (15) සවස ගින්නක් හටගෙන ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
ගිනි ගැනීමෙන් රක්ෂිතයේ අක්කර 35 කට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවද එම ඒකකය පවසයි.
නාකැලේ රක්ෂිතය මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර 200 කින් සමන්විත ස්භාවික වනාන්තරයකි.
කිසියම් පුද්ගලයෙකු රක්ෂිතය ආසන්නයේ පිහිටි කුඹුරු යායට ගිනි තැබීමේන් පසු එම ගින්න රක්ෂිතය දෙසට පැතිරි ගොස් ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
පුත්තලම තබ්බෝව 143 වන යුද හමුදා බල සේනාවේ නිලධාරීන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බව ආපදා කළමනාකරණ ඒකකය කියයි.