මහකච්චකොඩිය පිරිසක් පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයට


සිතුම් චතුරංග

වවුනියාව , මහකච්චකොඩිය ගම්මානයේ කොවිඩ් -19 වෛරසය ආසාදිත පුද්ගලයකු හමුවීමත් සමඟ ඔහුගේ පවුලේ පිරිස ඇතුළු නවදෙනකු වවුනියාව පම්පමඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකළ බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එම පිරිස අතර කුඩා දරුවන් සිව්දෙනකු හා වැඩිහිටි පුද්ගලයින් පස්දෙනකු වන බවද සඳහන් කළේය.
       
පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ මෙම පිරිස පි.සි.ආර් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත බවද පැවසීය.
       
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පසුගිය 21 වැනිදා නිවාඩුලබා පැමිණි වවුනියාව , මහකච්චකොඩිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබලෙකු හට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවීමත් සමඟ ඔහු ඇසුරුකළ හා ඔහුගේ පවුලේ පිරිස මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ බවද  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.