රොමේෂ් මධුෂංඛ
වව්නියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත නාවික සෙබලා ඇසුරු කල බවට සැක කෙරෙන පවුල් 30 ක පමණ පුද්ගලයින් 90 කට අධික පිරිසකට සිය නිවෙස් වෙතම නිරෝධායනය කරවීමට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් හා පොලීසිය විසින් පියවර ගෙන ඇත.
එමෙන්ම නාවික සෙබලා සමීපව ඇසුරු කල පුද්ගලයින් 15 කගේ සාම්පල පී.සී.ආර්. පරික්ෂණය සඳහා යොමු කර ඇති අතර ඉදිරියේදී අදාල වාර්තා ලැබීමට නියමිත බවටද වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
ඊට අමතරව කොරෝනා ආසාදිත නාවික සෙබලාගේ ඥාති පවුල් දෙකක් වව්නියාව පමපමඩුව යුදහමුදා නිරෝධායනමධ්‍යස්ථානය වෙතට යොමු කිරීමටද සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර කොරෝනා ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් සොයා පුළුල් සෝදිසි පරික්ෂණයන් කිහිපයක් වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් හා පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින්ට නිවෙස් වෙතම නිරෝධායනය වන අයුරු උපදෙස් හා අධීක්ෂණ කටයුතු සිදු කරමින් සිටිති.