සමන් පාලිත නානායක්කාර
මහඔය පොලිස් බල ප්‍රදේශයට අයත් 35 කනුව ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි මහඔය පොලීසිය කියයි.
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මහඔය 35 කණුව පදිංචි අත්තනායක මුදියන්සේලාගේ අමරවංශ නමැති 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
නිවෙසේ අලුත්වැඩියාවක් සඳහා ලෑලි සොයා ගොස් එන අතරතුර ප්‍රධාන මාර්ගයේදී ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති බවට මියගිය තැනැත්තාගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මේ වන විට මහ ඔය රෝහලේ තැන්පත් කර ඇත.
සැකකරුවන් මිය ගිය තැනැත්තාගේ බෑණනුවන් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති බවත් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.
මහඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි .