ක.ග කරුණාරත්න
අද (24) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය සහ වාට්ටු කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
ජලයෙන් යටවූ වාට්ටුවල සිටි නේවාසික රෝගීහු වෙනත් වාට්ටුවලට මාරුකර යැවීමට රෝහල් බලධාරීහු ක්‍රියා කළහ.
රෝහල අවට පිහිටි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවූ බව ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා සඳහන් කළේය.
අද (24) පස්වරු 4.00 ට පමණ ආරම්භ වූ වර්ෂාව පැය 04 කට අධික කාලයක් නොකඩවා පැවතුණි.