(ජේ.කේ.එල් චාමින්ද පි.ඩබ්ලිව් ප්‍රේමතිලක ද සිල්වා)
අද (08) පස්වරුවේ රත්ගම කළපුවේ මසුන් ඇල්ලිමට ගිය ධිවර කාර්මිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලිමෙන් මියගොස් ඇති අතර අනික් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ඇති බව රත්ගම මහහැගොඩ හදිසි මරණ පරික්ෂ බි.එම් ඒ සාගරිකා නිල්මිණි මහත්මිය පැවසුවාය.
ධිවර කාර්මිකයින් තිදෙනා ඔරුවකින් මසුන් ඇල්ලිම සදහා යමින් සිටියදි කළපුවේ කටුදම්පේ ප්‍රදේශයට ආසන්නයේ දි දියවැලකට හසුවිමෙන් ඔරුව පෙරැලි ගොස් ඇති බව හදිසි මරණ පරික්ෂකවරිය සදහන් කළාය.
මියගිය පුද්ගලයාට ඔරුකදේ එල්ලි සිටින ලෙස පවසා අනික් දෙදෙනා ගොඩබිමට පිහිනා ඇත.ඒ සමග ඔරුකදේ එල්ලි සිටි ධිවර කාර්මිකයාද පිහිනා ගොස් ඇත. ඔහු පිහිනමින් සිටියදි දියේ ගිලි තිබේ.
පසුව ගම්වැසියකු මොහු බේරාගෙන රත්ගම පුනන්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබේ . අනික් ධිවර කාර්මිකයින් දෙදෙනා ගම්වැසියන් විසින් බේරාගෙන ඇත.
මියගොස් ඇත්තේ කොරළගේ සුනන්ද (50) නැමති රත්ගම දෙවිනිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය හෙට (9) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විමට නියමිතය.

