මල් පෝච්චියක කංසා පැළ වැවූ අයෙක් අත්අඩංගුවට


(මොහොමඩ් ආසික්)
 
සිය  නිවසේ මල් පෝච්චියක අඩි හතරහමාරක් උස කංසා පැළයක් වැවූ පුද්ගලයකු කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම නිවස පරීක්ෂා කර ඇත. එහිදී මෙම කංසා පැළයට අමතරව තවත් කුඩා පැළ කිහිපයක්ද සොයාගත් බව නිලධාරීහු කීහ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (23)  මහනුවර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුගස්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.