මල සිරුරු මාරුවීමෙන් මහ ජරමරයක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මීට වසරකට  පෙර   මෘත ශරීරාගාරයකදී   දෙදරු පියකුගේ  මළ සිරුරක්  හා කාන්තා මළ සිරුරක් මාරු වීමේ සිද්ධියක් මුලික කරගෙන පිරිමි පාර්ශවයේ ඥාතින් කළ පැමිණිල්ලකට අනුව අද (26)  එම දෙදරු පියාගේ සිරුර  මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේදී යළි ගොඩගත්තේය.


බොල්ගොඩ ගගෙහි පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සහ  දෙදරු පියකුගේ මළ සිරුරක් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු  ඥාතීන්ට භාර දීමේදී  සිදු වු වැරදීමකින්    මිහිදන් කර තිබියදී අද(26) හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා ඉදිරියේදී   මෙලෙස නැවත ගොඩගනු ලැබීය.
 මෙම මලසිරුරු දෙකම හඳුනාගත නොහැකි තත්ත්වයෙන් විකෘති වී තිබීමෙන් මෙම වැරදීම සිදු වී තිබේ.

2017 ජනවාරි 20දින ගෝනවල කුඹුක පිටවල පාරේ අත්හැර දමන ලද ළිඳක එල්ලෙමින් තිබී හමුවූ පිරිමි මළ සිරුර තම සැමියා වන පී. කේ. විමලසේනගේ(65) නොවේ යැයි බිරිඳ පවසා තිබුණි.

 ඒ අනුව හඳුනා නොගත් මෘත ශරීරය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්  කර තිබු අතර , අනන්‍යතාව හඳුනාගැනීම සඳහා ඔහුගේ දරුවන්ගේ රුධිර පරීක්ෂණයක් ආධාරයෙන් ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සිදු කර ඒ ඔහුගේ ම පියා බවට තහවුරු කර පසුව  එම මළ සිරුර 2018 ජනවාරි 13 මිහිදන් කර තිබුණි.

මීට වසරකුත් මාස දහයකට පමණ ඉහතදී බොල්ගොඩ ගගෙහි පාවෙමින් තිබූ කාන්තා මළ සිරුර ද පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ අතර මරණ පරීක්ෂණ කිරීමට සොයනා අවස්ථාවේදී එය අස්ථානගත වී ඇතැයි වාර්තා වී තිබුණි.

මෙම මළ සිරුරු දෙක මාරු වී ඇති බව අනාවරණය වී ඇතැයි ද ඉදිමී විකෘතිව තිබූ මළ සිරුරු දෙකෙහිම දකුණු පාද නොමැති වීම මීට හේතු වූ බව  ද පොලිසිය පවසයි.

ඒ අනුව මාස දහයක් ගතවීමෙන් පසු ගොඩගත් එම මළ සිරුරු පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇත.