මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයෙන් කේරළ ගංජා තොගයක් හමුවෙයි


(රොමේෂ් මධුෂංඛ)
         

මන්නාරම නානාට්ටාන් සහ මුරුන්ගන් ප්‍රදේශයන්හි සිදු කල සෝදිසි කිරීම් වලදී කේරල ගංජා කිලෝ 4 ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම යුද හමුදාව පවසයි.

මන්නාරම නානාට්ටාන් අලවක ප්‍රදේශයේ යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව 54 සේනාංකයේ සෙබලුන් හා මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (31) දින සිදු කරන ලද සෝදිසියකදී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරිමින් තිබූ කේරල ගංජා කිලෝ 4 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේදී සිදු කරන ලද සෝදිසියකදී 54 සේනාංකයේ සෙබලුන් පිරිසක් විසින් කේරල ගංජා ග්‍රෑම් 200 ක් ලඟ තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම සහ මුරුන්ගන් පොලීස් ස්ථාන වෙතට භාර දෙනු ලැබීය.