(මොහොමඩ් ආසික්)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් වර්තමාන රජය මගින් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ආරම්භ කරනු ලබන කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් වන ‘‘ගම් පෙරළිය‘‘ වැඩසටහන මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මැතිවරණ කොට්ඨාස 22 ක සියළුම සංවිධායකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (21) පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මහාමාර්ග අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා ඇතුළු මධ්‍යම පළාත් ආසන සංවිධායකවරුන් සහභාගී වූහ.