මධ්‍යම පළාතේ කලාකරුවන්ට - කර්මාන්ත ශිල්පීන්ට - සහන සලසන්න පියවර


(මොහොමඩ්  ආසික්)

මධ්‍යම පළාත තුළ කොරෝනා වයිරසය නීසා පීඩාවට පත්ව සිටින පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ට , අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ශිල්පීන්ට, කලා ශිල්පීන්ට සහන සැලසීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය පියවර ගනු ලැබ තිබේ.

මෙම සහනයන් ලබා දීම සම්බන්ධයෙන් කරණු ඇතුළත් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇත.

අත්‍යවශ්‍ය  මහජන  සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා   සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ලබා දුන් උපදෙස් අනුව මෙම තීරණය ගත් බව පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා කීය.

මේ සඳහා අදාළ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී මධ්‍යම පළාතේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි  කලා ශිල්පීන්, මධ්‍යම පළාතේ  කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි  හස්ත කර්මාන්ත ශිල්පීන්, පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පේෂකර්මාන්ත  ශිල්පීන් මේ අනුව ප්‍රතිලාභින් ලෙස සලකන ලෙස මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.