මත්පෙති 1300ක් අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට



 
රොමේෂ් මධුෂංඛ
 
මන්නාරම් නගර මධ්‍යයේ ඉතා සූක්ෂමව ට්‍රැමඩෝල් නැමති මත්පෙති 1300 ක් අලෙවි කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම් පොලීසිය පවසයි.


මන්නාරම් කොට්ඨාස විෂමත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සූක්ෂමව අදාළ මත්පෙති මිලදී ගන්නා මුවාවෙන් ගොස් එම සැකකරුවන් මත්පෙති අලෙවි කිරීමට සැරසෙන අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.


අදාළ මත්පෙති වර්ගය වැඩි වශයෙන් ධීවරයින්ට අලෙවි කරන අතරම එක් පෙත්තක් රුපියල් දහසකට ආසන්න මුදලකට විකුණන බවට ද තොරතුරු අනාවරණය වී ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 හා 56 හැවිරිදි වන අතර ඔවුන් වව්නියාව හා මන්නාරම් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. 


සැකකරුවන් අද (24) දින මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.