(දයාරත්න ඇඹෝගම)
රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන අතරතුර ශ්‍රාවස්තිපුර , ගල්නෑව හා රාජාංගනය ප්‍රදේශවල හෙරොයින් , අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති අළෙවි කිරීමේ ජාවාරමක යෙදුනු පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් අද (03) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රාවස්තිපුර , ගල්නෑව හා රාජාංගනය ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවකි.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21ක් , මත් පෙති 214 ක් හා ජංගම දුරකතන කීපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මොවුන් කාලය සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි පොලිසිය කීය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මූලස්ථානය රාජාංගනයේ පවත්වාගෙන ගොස් ඇති අතර එයින් සෙසු ප්‍රදේශවලට අළෙවිකර ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
අනුරාධපුර පොලිසියේ දිසා වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.