(චමිල් රූපසිංහ)
ඇඳීරි නීතිය සමයේ අධික මිලට අලෙවි කිරිම සඳහා සඟවා තිබූ මත්පැන් බෝතල් 25 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව පල්ලකැලේ පොලිසිය පවසයි.
සැකකරු කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මෙම මත්පැන් පල්ලකැලේ පොලිසිය අසලම ස්ථානයක විකිණීමට සැලසුම් කර තිබියදී අත් අඩංගුවට ගැනිමට හැකි වු බව පොලිසිය පවසයි.
පල්ලකැලේ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
රුපියල් 350 ක් පමණ වටිනා මෙම මත්පැන් බෝතලයක් රුපියල් 750 කට අලෙවි කිරීම සඳහා මෙම සැකකරු කටයුතු කර ඇති බව පොලිස් විමර්ශන තුලදි තහවුරු වු බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු හා මත්පැන් තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත පොලිසිය පැවසිය.