(දයාරත්න ඇඹෝගම)
ගනේවල්පොල කටුවැව ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධි මත්පැන් අළෙවි කළ අඹු සැමියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකු තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ කැකිරාව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.
කැකිරාව ගනේවල්පොල කටුවැව නිවසක නිතිවිරෝධි මත්පැන් අළෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිසිය මෙම නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවු ගැටුමකින් සැරයන්වරයා මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම වැටලීමේදී පොලිස් නිලධාරින් විසින් එම නිවසේ තිබු නීතිවිරෝධි මත්පැන් ග්‍රෑම් 3750 ක් සමඟ නිවසේ අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් දෙදෙනා අද (23) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

