මත්ද්‍රව්‍ය ශරීරගත කරගනිමින් සිටි තරුණයකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
හෙරොයින් මත්ද්‍රව්‍ය ශරීරගත කරගනිමින් සිටි අයෙකු මතුගම උඩවෙල නිවසකදී අද(13) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
 
මත්ද්‍රව්‍ය ශරීරගත කිරීමට යොදාගත් උපකරණය ද පොලිසිය බාරයට ගෙන ඇත.
 
ඇහලඹ පදිංචි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ශරීරගත කරන බව පොලිසිය ලද තොරතුරකට අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.

මත්කුඩු ගැනීමට ඇබ්බැහි වූවකු වන සැකකරු බදුල්ල කන්දකැටිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වසර දෙකක කාලයක් පුනරුත්ථාපනය ලැබූවකු බව ද හෙළි වී ඇත.
 
සැකකරු මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.