බිඟුන් මේනක ගමගේ
දකුණු පළාතේ මත්ද්‍රව්‍ය මාෆියාව මර්දනයට විශේෂ කාර්ය බළකාය සහභාගී කරගෙන විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන්නේ යැයි දකුණු පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
ඒ අනුව ලබන සතියේදී දකුණු පළාතේ ස්ථාන තුනක විශේෂ කාර්ය බළකා කඳවුරු ආරම්භ කරන්නේ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.
මේ වනවිට අදාළ කඳවුරු පිහිටුවීම සඳහා ස්ථාන පහක් හඳුනාගෙන ඇතැයි ද ඒවායෙන් වඩාත් සුදුසු ස්ථාන තුන පළාත් ආරක්ෂක මණ්ඩලය මගින් ඉක්මණින්ම තීරණය කරන්නේ යැයි ද ආණ්ඩුකාරවරයා පැවසීය.
විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් පසුගිය කාලයේ ලැබී නැතැයි ද එසේ වී නම් මත්ද්‍රව්‍ය මාෆියාව මෙතරම් වර්ධනය වන්නේ නැතැයි ද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.