(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශයන්ට හෙරොයින් මත්කුඩු අලෙවි කරන ලද මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු පොලිසිය සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පැවසීය.
රුපියල් ලක්ෂ හයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 15 යි මිලි ග්‍රෑම් 730 ක හෙරොයින් මත්කුඩු ප්‍රමාණයක්, මුදලින් රුපියල් 113000 ක්, ජංගම දුරකතන පහක්, ජංගම දුරකතන සිමිපත් 12 ක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත නුවරඑළියේ, හාවාඑළිය ප්‍රදේශයේ සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදි ඔහු සන්තකයේ තිබී විකිණීමට සකස් කරන ලද මත් කුඩු පැකට් කීපයක් අසුව ඇති අතර පසුව පොලිසිය නිල සුනඛයෙකුගේද සහාය ඇතිව එම සැකකරු පදිංචිව සිටි නිවස පරික්ෂා කිරීමේදි මත් කුඩු තොගය සමඟ මුදල් හා අනෙකුත් උපකරණ සොයා ගෙන තිබේ.
25 හැවිරිදි වියේ පසු වු අත්අඩංගුවට ගන්නා ලද මෙම පුද්ගලයා කලක පටන් නුවරඑළිය හා ඒ අවට ප්‍රදේශයන්ට මෙසේ මත් කුඩු අලෙවි කිරීමේ යෙදී සිටි පුද්ගලයෙකු බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය පැවසීය.