මඩොල්සිම සුළඟකින් නිවාස 35 කට හානි



 
 
නිශාන්ත කුමාර සහ කේ.ඩී. රත්න 
 
මඩොල්සිම වතුයාය හරහා  හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් මඩොල්සිම ඌව කැලේ වතුයායේ ලයින් කාමර 6 කට අයත්  නිවාස 35  කට පමණ හානි සිදුව ඇතැයි මඩොල්සිම පොලීසිය පවසයි.


වතුයාය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එහි නිවාසවල වහළවල් ගැලවී ගොස් ඇති අතර ඒවායේ පදිංචි 200-250ක් පමණ පිරිසකට සුළගින් හානි සිදුවී ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් පවසයි.


කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර ලුණුගල  ප්‍රාදේශීය , ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ ඒකකය හා මඩොල්සිම පොලීසිය විපතට පත් ජනතාව සඳහා මේ වනවිටත් සහන සැලසීමට පියවර ගෙන ඇතැයිද මඩොල්සිම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක රත්නසිරි බණ්ඩාර මහතා පැවැසීය .