මඩකලපුවේ කාන්තාවෝ වීදි බසිති


(ටී. එල්. ජව්ෆර්කාන්)

නින්දවූර්හි රාජ්‍ය සේවිකාවකට රාජකාරි වේලාවේදී පහරදීමට එරෙහිව මඩකලපුව දිස්ත්‍රික්ක  කාන්තා  එකමුතුවේ සාමාජිකාවෝ  කල්ලඩි ප්‍රදේශයේදී අද(06) විරෝධතාවක් පැවැත්වූහ.

මෙම උද්ඝෝෂණයට මඩකලපුව  මහ නගර සභා   මන්ත්‍රීනි සෙල්වී මනෝකරන් මහත්මිය  ඇතුළු කාන්තාවෝ පිරිසක් සහභාගී වූහ.

අම්පාර කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් පසුගිය 01 වැනි දින නින්දවූර්  ගොවිජන  සංවර්ධන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන රාජ්‍ය සේවිකාවකට පහරදීමේ සිද්ධියට විරෝධය දක්වා ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.