සෞදි අරාබියේ දමාම් ඉස්ලාමිය කැඳවීමේ හා මග පෙන්වීමේ මධ්‍යස්ථානය රාමසාන් මාසය පුරා සතියකට 500 දෙනෙකු බැගින් බස් රථ 10 ක් දමාම් සිට උම්රා වන්දනාව සදහා පිටත් කර යවන බව එම ආයතනයේ ශ්‍රී ලංකාව සහ තමිල් නාඩු බැතිමතුන් සදහා මගපෙන්වීමේ කටයුතු කරන ශ්‍රී ලාංකික මව්ලවි මොහොමඩ් රිස්වාන් මහතා පවසයි.
අයි ඩී ජී සී ආයතනය මගින් රාමසාන් මාසය පුරාම විවිධ රටවලට අයත් ඉස්ලාම් වන්දනාකරුවන් දසදහස් ගණනකට කිසිදු අයකිරීමකින් තොරව ආහාර නවාතැන් ඇතුළු සියලුම වියහියදම් දරමින් මෙම සත්කාරය කරන බවයි.
උම්රා වන්දනාව සදහා දමාම් සිට මක්කම කාභා දක්වා කිලෝමීටර් 1400 දුරක් ගෙවා ගමන් කළ යුතුය.