භික්ෂූන්ට අවමන් නොකරන්නැයි උද්ඝෝෂණයක්


(රංජිත් රාජපක්ෂ)

භික්ෂුන් වහන්සේලාට අවමන් වන සේ රජයේ ඇතැම් මැති ඇමතිවරුන් ප‍්‍රකාශ නිකුත් කිරිම හා සිදු කරන ඇතැම් කි‍්‍රයාකාරකම්වලට විරෝධය පාමින් ගිනිගත්හේන නගරයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යපාරයක් පැවැත්විණී.

අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර හෙලපි‍්‍රය නන්දරාජා මහතා විසින් මෙම විරෝධතා ව්‍යපාරය අද (25) ආරම්භ කළ අතර මෙම විරෝධතාවය මගින් භික්ෂුන් වහන්සේලාට සිදුකරන අවමන් නතර කරන ලෙසට ජනාධිපතිවරයාට මැදිහත්වන ලෙස බලකරමින් තැපැල් පත් යොමු කිරිමක්ද සිදුවේ.