(එම් .සුසිල් ප්‍රියන්ත)
බෝර දොලහේ තුවක්කුවක් හා එයට දැමිය හැකි පතුරමක් සමග අයෙක් අම්බලන්ගොඩ කුලීගොඩ ගොඩවාන ප්‍රදේශයේදී පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය නොවිසුදුනු අපරාධ ඒකකය කියයි .
මේ තුවක්කුව සහ පතුරම ලග තබා ගත් තැනැත්තා අද (14 ) පස්වරුවේදී බලපිටිය අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය කියයි.
මේ සැකකරු මීට පෙර මිනී මැරුමකට සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට පත්වූ අයෙක් බවද පොලීසිය කියයි.
මොහු ඇදිරි නීතිය කඩ කරමින් සිය ගමේම නිවසකට ගොස් එහි සිටි අයෙකුට ගිනි අවියක් පෙන්වා මරා දමනවා යැයි කියන ලද පැමිණිල්ලකට අනුව කරන ලද පරීක්ෂණයේදී සැකකරු සිය නිවස ආසන්නයේ කුරුදු කැලැවක සගවා තිබු මේ ගිනි අවිය සහ පතුරම සොයා ගත් බවද පොලීසිය කියයි.
ඇල්පිටිය නොවිසිදුණු අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩි .බාලේන්ද්‍රසීහ ,පොලිස් පරීක්සක ජයසිංහ, පොලිස් සරයන් සුජිත් පොලිස් කොස්තාපල්වරුන් වන තරංග ,ජයමාල් ,රංජිත් යන නිලධාරීහු මේ පිලිබදව පරික්ෂණ පවත්වති .