බොරලන්දේ බඹර ප්‍රහාරයකින් 19 ක් රෝහලේ



 
(ඩී.කේ.රත්න සහ රත්නම් කෝගුලන්)


වැලිමඩ බොරලන්ද වංගියකුඹුර ජාතික පාසලේ සිසු සිසුවියන් පිරිසකට අද (11) දහවල් බඹරු ඇනීම නිසා සිසු සිසුවියන් 19 දෙනෙකු බොරලන්ද දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි.


මෙම සිසු සිසුවියන් විද්‍යාල භූමියේ සිටියදී විද්‍යාලය අසල ගෙවත්තක ගසක බැද තිබූ බඹරයකට උකුස්සකු පහරදීම නිසා බඹරය ඇවිස්සීමෙන් මෙම සිසු පිරිසට බඹරුන් එලව එළවා පහරදී තිබේ.


මෙම බඹරු ඇනීම නිසා සිසුවියන් දහයක් සහ සිසුන් නව දෙනෙකුද  මේ අතර වේ.