බොයිං 787 යානයක් හදිසියේ ගොඩබස්වයි


ඩොමිනිකන් සමූහාණ්ඩුවේ සිට මැන්චෙස්ටර් වෙත පියාසර කරමින් තිබූ තොම්සන් ගුවන්සේවයට අයත් බොයිං 787 ඩ්‍රීම්ලයිනර් ජෙට් යානයක එන්ජිමක සිදුවූ දෝශයක් හේතුවෙන් පෘතුගාල දූපතක් වූ ඇසොරේස් වෙත හදිසියේ ම ගොඩබෑමට සිදුවිය.

මේ හදිසි ගොඩබෑම සිදුවෙද්දී යානයේ මගීන් 288 දෙනකු සිටියහ. නියමුවා පවසා ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එක් එන්ජිමක් ක්‍රියාවිරහිතවූ බැවින් මෙලෙස හදිසියේ ම ගොඩබාන බවයි. ඇසොරේහි ලජාස් ගුවන් තොටුපොළ යුද හමුදා පාලනය යටතේ පවතින්නකි. යානයේ මගීන් චෝදනා කරන්නේ ඔවුන්ට පැය පහක් යානය ඇතුලේ ජලය සහ බිස්කට් පමණක් ලබාදෙමින් තමන් රඳවාගෙන සිටි බවයි. ඉන්පසු මගීන්ට වාඩිවීමට ආසන කිහිපයක් පමණක් තිබෙන ස්ථානයකට ගෙනගිය බවත් ඒ ස්ථානය වටා අවිඅත දරගෙන හමුදා භටයන් සිටි බවත් මගීන් පවසයි.

මේ පිරිස ගෙන යාමට පැමිණි බොයිං 767-300 යානය ද ගුවන්ගත කිරීමට නිකරුණේ පැයක් පමණ ප්‍රමාද වූ බව මගීහු කියති. යානයේ ප්‍රමාද කාලය පැය 11ක් හා විනාඩි 23කි.

article-2718593-2052413800000578-638_634x419 article-2718593-2052296A00000578-570_634x438 1407407433587_wps_8_Holidaymakers_suffered_a_ - Copy