බෙලිහුල්ඔයේ දියනෑමට ගිය අයෙක් මරුට


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)


බලන්ගොඩ බෙලිහුල්ඔයේ  දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී  අද(17) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ ඉහළ ගලගම  ඉවුරුතැනිවල  ප්‍රදේශයේ පදිංචිව සිටි  31 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් සමනල වැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.