අනීෂා මානගේ
සිය මාර්තු මස වැටුප කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු අද(25) පරිත්‍යාග කළහ.
මෙසේ සිය මාර්තු මස වැටුප වන රුපියල් 15000 බැගින් රුපියල් 240000ක මුදල පරිත්‍යාග කරන ලද්දේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 දෙනා විසිනි.
මෙලෙස මන්ත්‍රීවරුන්ගේ වැටුප සහ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ අරමුදලින් සෑම කොට්ඨාසයකටම රුපියල් 25000ක මුදලක් බෙලිඅත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පදිංචිව සිටින කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් සඳහා ආහාර ලබා දීමට යොදවන බව සභාපති සිරිල් මුණසිංහ මහතා පැවසුවේය.
මෙලෙස සෑම කොට්ඨාසයකම සිටින තෝරාගත් පවුල් 80ක් සඳහා වියළි ආහාර පාර්සල් ලබා දීමට නියමිත අතර ඒ සඳහා රුපියල් 40000ක මුදලක් එක් කොට්ඨාසයකට හිමිවන බවද සභාපතිවරයා කීවේය.