බූරු පිටියක් වටලා 8 ක් අත්අඩංගුවට


(ජේ.කේ.එල් චාමින්ද)

ඇඳිරිනීතිය තිබියදී වදුරඹ  ඉහළපිටිහරාව  ගමකන්ද ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බූරුවා පිටියක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත්බව වදුරඹ පොලිසිය පවසයි.

මෙහි තිබි යතුරුපැදි 07ක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

බූරුවා පිටිය වටලන අවස්ථාවේ 40 ක පමණ පිරිසක්  බූරුවා ගැසීමේ සුදු ක්‍රිඩාවේ  නිරතව සිටි ඇති අතර අනික් පිරිස පැනගොස් ඇති බව පොලිසිය කීය.

කාන්තාවක් හා ඇයගේ බෑනා විසින් මෙම බූරුවා පිටිය පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අට දෙනා පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඉදිරි දිනකදී මොවුන්ට නඩු පැවරීමට නියමිතව ඇති බව පොලිසිය පැවසීය.