බිරියට පිහියෙන් ඇන සැමියා ද සිය දිවිහානි කර ගනී


හිරාන් ප්‍රියංකර ජයසිංහ

කල්පිටිය තොරඅඩිය ප්‍රදේශයේ ( 15 ) සවස අඹු සැමි ආරවුලකින් පසු සැමියා සිය බිරිදට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගෙන ඇති බව කල්පිටිය පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙදරු මවක් වන 30 හැවිරිදි කාන්තාවකි.

කලක පටන් අඹු සැමියන් අතර ඇති වු ආරවුලක් මෙම ඝාතන වලට මුල්වි ඇති බව පොලිසිය කියයි.

මෙම ආරවුල හේතුවෙන් අඹු සැමියන් වෙන්ව ජිවත් වි ඇති බවත් අද (15) සවස තොරඅඩිය ප්‍රදේශයේ බිරිදගේ නිවස කඩා වැදුන සැමියා තියුණු ආයුධයකින් ඇණ බිරිදට බරපතල තුවාල සිදු කර තිබු බවත් ඇය කල්පිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මරණයට පත්වි ඇති බව කියයි.

බිරිදව මරා දැමු සැමියා ඉන් පසුව එම තියුණු ආයුධවෙන් ඇන ගෙන සියදිවි නසා ගෙන ඇති බවට දැනට කරන මුලික පරික්ෂණ වලදි සනාථ වි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.

මෙම අඹු සැමි යුවලට දරුවන් දෙදෙනෙකු සිටින බවද කියයි.

දෙදෙනාගේ මළ සිරුරු කල්පිටිය රෝහලේ තැම්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණ සදහා පුත්තලම මුලික රෝහලට රැගෙන එමට කටයුතු කරමින් තිබේ.නනනන