බැද්දගාන උද්‍යානය නැවත සංවර්ධනය කරන්නැයි අගමැතිගෙන් උපදෙස්


(නාලක සංජීව දහනායක)

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බැද්දගානේ පිහිටි තෙත්බිම් උද්‍යානය නැවත ජනතා ආකර්ශනයට ලක්වන ලෙස සංවර්ධනය කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

කොළඹ නගරයට ඉතාම නුදුරින් පිහිටි දුර්ලභ සතුන් හා ශක විශේෂවලින් සමන්විත වන මෙම තෙත්බිම් උද්‍යානය හෙක්ටයාර 20 ක භූමි ප‍්‍රදේශයක පැතිර තිබේ.

පරිසරයට කිසිඳු හානියක් සිදුනොවන ආකාරයට නැරඹුම් කණු , නැරඹුම් මැදිරි, ක්‍රීඩාංගන, අවන්හල්, රථගාල් තෙත්බිම් උද්‍යානයේ ඉදිකර ඇති අතර ඒ සෑම ඉදිකිරීමක්ම කණුඋඩ ඉදිකර තිබීම විශේෂත්වයකි.

සත්ව වර්ග , ශාක වර්ග මෙන්ම මල් වර්ගද රාශීයක් මෙම භූමියේ දී දැකගත හැකිය.