බාලවයස්කාර දරුවන් නිරුවත් කළ පහර දුන් සැකකරුවකු රිමාන්ඩ්


(කාංචන කුමාර ආරියදාස)

 

උන බට තුවක්කුවක් සෑදීම සඳහා උන බටයක් කැපීමට ගිය බාලවයස්කාර දරුවන් දෙදෙනකු නිරුවත් කර පහර දුන් බව කියන සැකකරුවකු ලබන 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා අද (16) නියෝග කළේය.

 

ගලේවෙල නිලන්නොරුව පදිංචි වයස අවුරුදු 14 සහ වයස අවුරුදු 12 පිරිමි දරුවන් දෙදෙනකු  උන බට තුවක්කු සෑදීම සඳහා ඔවුන්ගේ නිවස අසල පිහිටි ගෙවත්තකට ඇතුළු වී ඇතැයි පොලිසිය කියයි.

 

එම අවස්ථාවේදී ගෙවත්ත අයිති පුද්ගලයා මෙම බාලවයස්කාර දරුවන් දෙදෙනා අල්ලාගෙන ඉතා අමානුෂික ලෙස පහර දී එක් දරුවෙකු නිරුවත් කර පහර දී ඇතැයි පොලිසිය කරන ලද පරීක්ෂණ වලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

 

මෙසේ දරුවන්ට පහර දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකරන ලද්දේ ගලේවෙල නිලන්නොරුව පදිංචි එම්.ජී.කරුණාරත්න 58 හැවිරිදි පුද්ගලයෙකි.