(වයි.ඒ.එස්.වීරවංශ)
තම මාමාගේ නිවසට ගොස් ආපසු සිය නැගණියන් දෙදෙනා සමඟ නිවසට පැමිණෙමින් සිටි 17 හැවිරිදි තරුණියක් බළන්ගොඩ හුළු ඔය ගඟට වැටී මිය ගොස් ඇතැයි බළන්ගොඩ පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ රාස්සගල ඌවැල්ල වතු යායේ පදිංචි වී.අලගුරාජ් ගෞරි නැමැති තරුණියකි.
සිය නැගණියන් දෙදෙනා සමඟ මාමාගේ නිවසට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී හුළු ඔය ගඟෙන් එගොඩ වීමට යෑමේදී ඇය පැළඳ සිටි පාවහන් යුගලයෙන් එකක් ඔයට වැටී ඇති අතර එය ගැනීමට යෑමේ දී සැඩ පහරට හසු වී ගසා ගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

