(ආනන්ද ඉ ජයකොඩි)
කොළඹ මහනුවර ප‍්‍රධාන මාර්ගයේ කලල්පිටියේ දී අද (28) අලුයම පෞද්ගලික බස් රථයක් ලොරියක හැපීමෙන් ලොරි රථ රියදුරු එම ස්ථානයේදීම මියගොස් තවත් සිව් දෙනෙකුට තුවාල සිදු වී ඇත.
රීදීගම පදිංචි බටගොඩපිටියේ ගෙදර ශාන්ත සමරසිංහ (46) නමැති ලොරි රථ රියදුරා මෙසේ ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
කොළඹ සිට කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අලුයම 5.45 ට පමණ ඉදිරියෙන් කොළඹ දෙසට පැමිණි එළවළු රැගත් ලොරියක හැපීමෙන් අනතුර සිදුවී ඇත.
අනතුරින් බස් රථය අසළ වෙළකට පෙරළී ඇති අතර ලොරිය නිවසකට කඩා වැදී නැවතී ඇත.
බස් රථය මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ලොරියේ හැපී අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්‍ෂණ වලදී හෙළි වී ඇත.
බස් රථයේ රියදුර ඇතුළු එහි සිටි සිව්දෙනෙකු ද තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.